රතු සෙවණැල්ල ❤️ - Chapter 13

by Uma

'Marina Bay Sands' කැසිනෝව තුළ,

පෝකර් මේසය (Poker table) වටා තිබූ ආතතිය පිහියකින් කැපිය හැකි තරම් ඝන විය. ක්‍රීඩාව ආරම්භ වී පැය දෙකක් ගත වී තිබුණි. මුලදී ක්‍රීඩකයන් හය දෙනෙක් සිටියද, දැන් ඉතිරි වී සිටියේ දෙදෙනෙක් පමණි.

එක් පසෙකින් 'මිස්ටර් ජේම්ස්' ලෙස පෙනී සිටින නිතුර්ය ය. අනෙක් පසින් සින්ඩිකේට් නියෝජිතයා වූ චීන ජාතික 'මිස්ටර් වූ' (Mr. Wu) ය. මිස්ටර් වූ ගේ මුහුණ කිසිදු හැඟීමක් නොපෙන්වන ගල් බිත්තියක් මෙන් විය (Poker Face).

"මචං, ඌ ගාව තියෙන්නේ 'King Pair' එකක්. උඹ ගාව තියෙන්නේ 'Ace' සහ 'Ten'. උඹට චාන්ස් එක අඩුයි. ෆෝල්ඩ් (Fold) කරපන්," කසුන්ගේ හඬ නිතුර්යගේ කනට කොඳුළේය.

නිතුර්ය කාඩ්පත් බිම දමා පසුබැස්සේය.

මිස්ටර් වූ නිතුර්ය දෙස බැලුවේ සැකයෙනි. "මිස්ටර් ජේම්ස්, ඔයා සෙල්ලම් කරන්නේ හරිම අමුතු විදිහට. සමහර වෙලාවට ඔයා වාසනාවන්තයි, සමහර වෙලාවට ඔයා බයගුල්ලෙක් වගේ."

නිතුර්ය සිනාසුණේය. "මම තේ ව්‍යාපාරිකයෙක් මිස්ටර් වූ. අපි දන්නේ හොඳම වෙලාව බලලා දළු කඩන්න විතරයි."

ශායා නිතුර්යගේ පුටුව පිටුපස සිටගෙන, ඔහුගේ උරහිසට අත තැබුවාය. ඇය සිනාසෙමින් සිටියද, ඇගේ ඇඟිලි නිතුර්යගේ උරහිස තද කළේ යම් අනතුරු ඇඟවීමක් ලෙසිනි.

"පිට් බොස් (Pit Boss - කැසිනෝ පාලකයා) අපි දිහා බලනවා," ශායාගේ හඬ නොඇසෙන තරම් හෙමින් නිතුර්යට දැනුණි. ඇය ඉයර් පීස් එකක් භාවිතා නොකළේ ආරක්ෂාවටය.

"කසුන්, පරිස්සම් වෙයන්. එයාලට සැක හිතිලා වගේ," නිතුර්ය හිතින් මිමිණුවේය.

හදිසියේම නිතුර්යගේ කනෙන් ඇසුණු කසුන්ගේ හඬ නතර විය. ඒ වෙනුවට සිහින් 'කී....' හඬක් (Static noise) ඇසුණි.

"මචං... සිග්නල් ජෑම් කරනවා... මට කැමරා පේන්නෙ නෑ... සොරි බන්... උඹ තනියම..." කසුන්ගේ හඬ විසන්ධි විය.

නිතුර්යගේ හදවත නැවතුණි. තාක්ෂණික සහාය නැති විය. දැන් ඔහු මේසය මත තනි වී ඇත. ඉදිරියේ සිටින්නේ ලෝකයේ දක්ෂතම සූදුකරුවෙකි.

මිස්ටර් වූ කාඩ් කුට්ටම දෙස බලා සිනාසුණේය. "දැන් නියම සෙල්ලම පටන් ගමු."

අවසාන වටය (Final Hand)...

මේසය මැද ඩොලර් මිලියන පහක පමණ චිප්ස් ගොඩ ගැසී තිබුණි. ඊටත් වඩා වටින්නේ මිස්ටර් වූ ඉදිරියේ ඇති රන් පැහැති VIP කාඩ්පතයි.

ඩිලර් (Dealer) මේසය මත කාඩ්පත් පහ විවෘත කළේය.

Queen of Hearts, King of Spades, 10 of Diamonds, 5 of Clubs, Ace of Spades.

නිතුර්ය තමා අතේ තිබූ කාඩ් දෙක බැලුවේය.

Jack of Spades සහ 9 of Spades.

ඔහුට කිසිදු ගැලපීමක් (Pair) නැත. ඔහු පරාජිතය.

මිස්ටර් වූ ගේ මුහුණේ ජයග්‍රාහී සිනහවක් විය. ඔහු තමා සතුව හොඳ කාඩ්පත් ඇති බව (Strong Hand) ඉඟි කළේය.

"මම ඔක්කොම දානවා (All-in)," මිස්ටර් වූ තම චිප්ස් කන්දම මැදට තල්ලු කළේය.

නිතුර්ය මොහොතක් කල්පනා කළේය. කසුන් නැත. උදව්වට කවුරුත් නැත. ඔහුට ඇත්තේ ඔහුගේ ඉව පමණි.

ඔහු ශායා දෙස බැලුවේය. ඇය කිසිදු සලකුණක් නොදුන්නාය. නමුත් ඇගේ දෑස්වල තිබුණේ විශ්වාසයයි. 'බය වෙන්න එපා' යන්න ඇගේ දෑස් කීවේය.

නිතුර්ය ආපසු මිස්ටර් වූ දෙස බැලුවේය. වූ ගේ ඇස යන්තම් ගැස්සෙනු නිතුර්ය දුටුවේය. ඒ බොරුවක් කරන විට එන ගැස්මද? නැත්නම් විශ්වාසයද?

තාත්තා ව්‍යාපාර කරන විට කියූ දෙයක් නිතුර්යට මතක් විය. "මිනිස්සු සල්ලිවලට වඩා බයයි තමන්ගේ ගෞරවය නැති වෙනවට."

නිතුර්ය සන්සුන්ව හුස්ම ගත්තේය. ඔහු සතුව ඇත්තේ කිසිවක් නැති අතකි. නමුත් ඔහු පෙන්විය යුත්තේ ඔහු ළඟ 'Royal Flush' එකක් ඇති බවයි.

"මමත් ඔක්කොම දානවා. ඒ විතරක් නෙවෙයි..." නිතුර්ය තමා පැළඳ සිටි මිල අධික රොලෙක්ස් ඔරලෝසුව ගලවා චිප්ස් ගොඩට දැම්මේය. "මේකත් දානවා."

මුළු කැසිනෝ ශාලාවම නිහඬ විය.

මිස්ටර් වූ නිතුර්ය දෙස තියුණු බැල්මක් හෙලුවේය. නිතුර්ය ඇසිපිය නොහෙලා ඔහු දෙස බලා සිටියේය. ඒ දෑස්වල තිබුණේ පරාජිතයෙකුගේ බැල්ම නොවේ. ජීවිතයත් මරණයත් දැක පුරුදු මිනිසෙකුගේ බැල්මයි.

විනාඩියක් ගත විය. මිස්ටර් වූට දහඩිය දැම්මේය. ඔහු සිතුවේ නිතුර්ය ළඟ සැබෑවටම හොඳම කාඩ් ඇති බවයි.

"මම අයින් වෙනවා," මිස්ටර් වූ කෝපයෙන් කාඩ්පත් විසි කළේය.

නිතුර්ය දිනුවා!

ඔහු තමාගේ කාඩ්පත් නොපෙන්වාම මේසය මතට විසි කළේය. . කිසිවෙකු දැනගත්තේ නැත ඔහු දිනුවේ බොරුවක් කර බව.

මිස්ටර් වූ නැගිට්ටේය. ඔහු රන් පැහැති VIP කාඩ්පත නිතුර්ය වෙත විසි කළේය.

"සුබ පැතුම් මිස්ටර් ජේම්ස්. ඔයාට වාසනාව තියෙනවා. හැබැයි මතක තියාගන්න... 'The Dragon's Breath' නැවේදී වාසනාව විතරක් මදි."

ඔහු වේගයෙන් පිටව ගියේය.

නිතුර්ය VIP කාඩ්පත අතට ගත්තේය. එහි රන් අකුරෙන් ලියා තිබුණේ "The Syndicate - High Council Access" කියාය.

ශායා වහාම චිප්ස් ටික මුදල් බවට පත් කරගැනීමට (Cash out) ගියාය.

විනාඩි දහයකට පසු ඔවුන් හෝටලයෙන් පිටතට පැමිණ, පසෙක නවතා තිබූ කුලී රථයකට ගොඩ වූහ. රියදුරු අසුනේ සිටියේ කසුන් ය.

"අම්මෝ මචං! මම හිතුවේ අපි ඉවරයි කියලා!" කසුන් හති දමමින් කීවේය. "මගේ සිග්නල් එක කැපුවා. මම හිතුවේ උඹ පැරදෙයි කියලා."

නිතුර්ය අසුනට හේත්තු වී දිගු හුස්මක් ගත්තේය. ඔහුගේ අත් වෙව්ලමින් තිබුණි.

"මම දින්නේ කාඩ් වලින් නෙවෙයි කසුන්. මම දින්නේ මගේ පණ දාලා."

ශායා නිතුර්යගේ අතින් අල්ලා ගත්තාය. "ඔයා කළේ විශ්වාස කරන්න බැරි වැඩක්. දැන් අපිට පාස් එක තියෙනවා. හෙට රෑ... අපි නැවට නගිනවා."

"ඒ නැවට නගින එක ලේසියි. ඒත් බහින එක..." කසුන් වාක්‍යය සම්පූර්ණ කළේ නැත.

නිතුර්ය ජනේලයෙන් පිටත පෙනෙන සිංගප්පූරු වරාය දෙස බැලුවේය. ඈත ක්ෂිතිජයේ අඳුර මැද, ලෝකයේ භයානකම අපරාධකරුවන් පිරුණු ඒ නෞකාව ඔවුන් එනතුරු බලා සිටී.

සැබෑ සටන ඇත්තේ එතනය.

පසුදා සවස,

සිංගප්පූරුවේ 'චැංගි' (Changi) ගුවන්තොටුපළේ පෞද්ගලික ජෙට් යානා අංගනයක් වෙත කළු පැහැති ලිමොසින් රථයක් පැමිණියේය. එයින් බැසගත් නිතුර්ය, ශායා සහ කසුන් දෙස ආරක්ෂක භටයෝ ගෞරවයෙන් බැලූහ.

"මිස්ටර් ජේම්ස්, හෙලිකොප්ටරය සූදානම්," කළු ඇඳුම් ඇඳගත් නියෝජිතයෙක් පැවසීය.

ඔවුන් ඉදිරියේ නවතා තිබුණේ ඉතා නවීන පන්නයේ හෙලිකොප්ටරයකි. එහි බඳේ රන් පැහැති මකරෙකුගේ රූපයක් විය.

"අපේ බෑග්?" නිතුර්ය ඇසුවේය.

"බය වෙන්න එපා සර්. බෑග් ස්කෑන් කරලා නැවට යවනවා. ආයුධ ගෙනියන්න තහනම් බව දන්නවනේ," නියෝජිතයා සිනාසුණේය.

ශායා නිතුර්ය දෙස බලා සියුම්ව ඇසක් ගැසුවාය. ඔවුන් ගෙනාවේ ආයුධ නොවේ. කසුන්ගේ ලැප්ටොප් බෑගයේ තිබුණේ ඉතා සියුම් ලෙස සකස් කළ ඉලෙක්ට්‍රොනික උපාංග පමණි. ඒවා සාමාන්‍ය ස්කෑනර්වලට හසු නොවීමට කසුන් වගබලා ගෙන තිබුණි.

හෙලිකොප්ටරය අහසට නැගුණි. විනාඩි විස්සකට පසු, දකුණු චීන මුහුදේ ඈත ක්ෂිතිජයේ අමුතු ආලෝකයක් දිස් විය.

එය නිකන්ම නැවක් නොවේ. එය පාවෙන නගරයක් වැනිය. තට්ටු දහයකින් යුත්, විදුලි ආලෝකයෙන් බබළන 'The Dragon's Breath' නෞකාව සාගරය මැද විරාජමානව තිබුණි. එහි නැවතුම් පංගුවේ (Helipad) හෙලිකොප්ටරය ගොඩබෑවේය.

"වෙල්කම් ටු පැරඩයිස් (ස්වර්ගයට සාදරයෙන් පිළිගනිමු)," නියමුවා කීවේය.

නමුත් නිතුර්යට එය පෙනුණේ ස්වර්ගයක් ලෙස නොව, රන් ආලේප කළ සොහොන් කොතක් ලෙසිනි.

නැව ඇතුළත අතිශය සුඛෝපභෝගී විය. රතු පලස යෙදූ කොරිඩෝ, රන්වන් පැහැති විදුලි පහන්, සහ මිල අධික මත්පැන් ගලා යන බාර් වලින් එය සමන්විත විය. ලෝකයේ ධනවත්ම සහ දූෂිතම මිනිසුන් එහි නිදහසේ හැසිරෙමින් සිටියහ.

"අපේ ප්ලෑන් එක මතකයිනේ?" නිතුර්ය කොරිඩෝව දිගේ ඇවිදින ගමන් රහසින් කීවේය.

"ඔව්. මමයි කසුනුයි යනවා 'සර්වර් රූම්' (Server Room) එක හොයන්න. ඒක තියෙන්නේ නැවේ පතුලේ, එන්ජින් රූම් එකට ළඟින්," ශායා කීවාය.

"මම කෙලින්ම යනවා 'හයි කවුන්සිල්' (High Council) එකට. චෑන් ඉන්නේ එතන," නිතුර්ය සාක්කුවේ තිබූ රන් කාඩ්පත තද කර ගත්තේය.

"නිතුර්ය, පරිස්සම් වෙන්න. චෑන් තනියම නෙවෙයි ඉන්නේ. එතන ආරක්ෂාව වැඩි ඇති," කසුන් අනතුරු ඇඟවීය.

"ඒකයි මම යන්නේ. මම උන්ගේ අවධානය ගන්නම්. ඒ අතරේ උඹලා සීයාගේ හාඩ් ඩිස්ක් එක මේ නැවේ සිස්ටම් එකට ප්ලග් කරපන්. ඊට පස්සේ..." නිතුර්ය ශායා දෙස බැලුවේය. "...අපි මේ නැව අපායට යවනවා."

ඔවුන් සෝපානය අසලදී වෙන් වූහ. ශායා සහ කසුන් පහළට යන සෝපානයට ගොඩ වූ අතර, නිතුර්ය ඉහළම මාලය වන 'Level 10' වෙත යන සෝපානයට ගොඩ විය.

සෝපානයේ දොර වැසෙද්දී නිතුර්ය අවසන් වරට ශායාගේ දෑස් දෙස බැලුවේය. ඔවුන් ආපසු මුණගැසෙයිද යන්න සැක සහිතය. නමුත් ඒ දෑස්වල තිබූ ධෛර්යය ඔහුට යෝධ බලයක් විය.

සෝපානය 10 වන මහලේ නතර විය. දොර ඇරුණු වහාම දක්නට ලැබුණේ විශාල චීන මකරෙකුගේ රුවක් සහිත දොරටුවකි. දොරටුව දෙපස කළු ඇඳුම් ඇඳගත් ආරක්ෂකයන් දෙදෙනෙක් සිටියහ.

නිතුර්ය රන් කාඩ්පත දිගු කළේය.

ආරක්ෂකයා එය පරීක්ෂා කර හිස නැමුවේය. දොර ස්වයංක්‍රීයව විවෘත විය.

ඇතුළත තිබුණේ අඳුරු, රතු පැහැති ආලෝකයෙන් යුත් විශාල ශාලාවකි. බිත්ති පුරා තිර (Screens) සවිකර තිබුණි. ඒ තිරවල ලෝකයේ විවිධ රටවල කොටස් වෙළඳපොළවල්, බැංකු දත්ත සහ ප්‍රවෘත්ති දිස්වෙමින් තිබුණි.

ශාලාව මැද විශාල මේසයක් විය. එහි කෙළවරේ, පිටුපස හරවා තිබූ පුටුවක අයෙක් වාඩි වී සිටියේය.

"මිස්ටර් ජේම්ස්... නැත්නම් මම කියන්නද... මිස්ටර් නිතුර්ය සේරසිංහ?"

පුටුව සෙමෙන් කැරකුණි.

එහි සිටියේ ඡායාරූපයේ සිටියාට වඩා වයසට ගිය, නමුත් තවමත් තේජාන්විත පෙනුමක් ඇති 'මිස්ටර් චෑන්' ය. ඔහු සුදු පැහැති සූට් එකක් ඇඳ සිටියේය. අතේ වයින් වීදුරුවක් විය.

"ඔයා මාව බලාපොරොත්තුවෙන් හිටියා වගේ," නිතුර්ය කාමරයට ඇතුළු වෙමින් කීවේය. ඔහු බියක් පෙන්නුවේ නැත.

"ඇත්තෙන්ම. මගේ කැසිනෝ එකේ මගේම මිනිහා පරද්දපු කොල්ලා කවුද කියලා මම හොයලා බැලුවා," චෑන් සිනාසුණේය. "ඔයා ඔයාගේ සීයා වගේමයි. මුරණ්ඩුයි. මෝඩයි."

"මගේ සීයා මෝඩ නෑ චෑන්. එයා දැනගෙන හිටියා දවසක මම මෙතනට එනවා කියලා."

"ඉතින්? ඔයා ආවා. දැන් මොකද කරන්නේ? මාව මරනවද?" චෑන් දෑත් විහිදුවාය. "මේ නැව මගේ රාජධානිය. මෙතන මගේ අණ නැතුව මැස්සෙක්වත් ඉගිලෙන්නේ නෑ."

හදිසියේම අඳුරු මුල්ලකින් තවත් රුවක් මතු විය.

ඒ ලී ෆෙන්ග් ය.

ඔහුගේ මුහුණේ එක් පැත්තක් සම්පූර්ණයෙන්ම පිළිස්සී විකෘති වී තිබුණි. ඔහු ඇවිද්දේ කොර ගසමිනි. ඔහුගේ අතේ දිගු කඩුවක් විය.

"මම කිව්වනේ... මේක ඉවර නෑ කියලා," ලී ෆෙන්ග් ගොරෝසු හඬින් කීවේය.

නිතුර්ය වටපිට බැලුවේය. ඔහු තනි වී ඇත. ආයුධයක් නැත. ඉදිරියේ සිටින්නේ ලෝකයේ බලවත්ම අපරාධකරුවා සහ දරුණුතම ඝාතකයා ය.

නමුත් නිතුර්ය සිනාසුණේය.

"ඔව් චෑන්. ඔයා හරි. මේ නැව ඔයාගේ රාජධානිය. ඒත් ඔයා දන්නවද මේ රාජධානියට වෙන දේ?"

ඔහු තම අත් ඔරලෝසුවේ කුඩා බොත්තමක් එබුවේය.

"ඒවා ගිනි ගන්නවා."

මේ අතර,

නැවේ පතුලේ පිහිටි එන්ජින් කාමරය අසල පටු කොරිඩෝවක ශායා සහ කසුන් වේගයෙන් ගමන් කරමින් සිටියහ. ශායා ඉදිරියෙන් ආ ආරක්ෂකයන් දෙදෙනෙකුට නිහඬවම පහර දී බිම දමා තිබුණි.

"මෙතන!" කසුන් විශාල යකඩ දොරක් පෙන්නුවේය. "මේක තමයි මේන් සර්වර් රූම් එක."

දොර ඉලෙක්ට්‍රොනික අගුලකින් වැසී තිබුණි. කසුන් තමා ගෙනා කුඩා උපකරණයක් (Decryption device) එයට සවි කළේය. තත්පර කිහිපයකින් අගුල කොළ පැහැයට හැරුණි.

ඔවුන් ඇතුළු විය. එය ශීතල කාමරයකි. නිල් පැහැති එළි නිවෙමින් දැල්වෙන යෝධ පරිගණක සර්වර් (Server Racks) පේළි ගණනක් එහි විය.

"මේක තමයි සින්ඩිකේට් එකේ මොළය," කසුන් පුදුමයෙන් වටපිට බැලුවේය. "මුළු ලෝකෙම කළු සල්ලි පාලනය වෙන්නේ මෙතනින්."

"ඉක්මන් කරන්න කසුන්. නිතුර්ය වැඩි වෙලා අල්ලගෙන ඉන්න එකක් නෑ," ශායා දොරකඩ රැකවල් ගත්තාය.

කසුන් සීයාගේ පෙට්ටියෙන් හමු වූ පැරණි හාඩ් ඩිස්ක් එක (එය දැන් නවීන USB ඇඩැප්ටරයකට සම්බන්ධ කර තිබුණි) ප්‍රධාන පැනලයට ගැසුවේය.

තිරය මත පැරණි DOS කේත වැනි අකුරු දිස්වන්නට විය.

EXECUTING: PROJECT GOLDEN LOTUS

OVERRIDING SYSTEM PROTOCOLS...

"මචං... මේක නිකන් ඩේටා එකක් නෙවෙයි," කසුන්ගේ ඇස් උඩ ගියේය. "මේක වෛරස් එකක්! සීයා අවුරුදු 30කට කලින් ලියපු වෛරස් එකක්. මේක හැම ෆයිල් එකක්ම කොපි කරලා, සිස්ටම් එකේ කූලින් ෆෑන්ස් (Cooling Fans) ඕෆ් කරනවා!"

"ඒ කියන්නේ?"

"ඒ කියන්නේ මේ සර්වර්ස් රත් වෙලා පුපුරනවා. තව විනාඩි දහයකින් මේ නැවේ බඩවැල් එළියට එනවා."

හදිසියේම නැවේ අනතුරු ඇඟවීමේ සීනු නාද වන්නට විය.

වී... වූ... වී... වූ...

"SYSTEM OVERHEAT WARNING"

ඉහළ මාලයේ සිටි චෑන්ගේ මුහුණ වෙනස් විය. ඔහු තිරය දෙස බැලුවේය.

"මොකක්ද වෙන්නේ?" ඔහු කෑගැසුවේය.

නිතුර්ය ඔහු දෙස බලා සිනාසුණේය. "මම කිව්වේ... ගිනි ගන්නවා කියලා."

ලී ෆෙන්ග් කෝපයෙන් කෑගසමින් නිතුර්ය වෙත පැන්නේය.

"උඹ මැරුණා!"

නිතුර්ය පසෙකට පැන, චෑන්ගේ මේසය මත තිබූ බරැති පළිඟු පිළිමය (Crystal Statue) ගෙන ලී ෆෙන්ග්ගේ මුහුණට ගැසුවේය.

අවසාන සටන ආරම්භ විය. මේ මුහුද මැද, ගිනි ගන්නා නැවක් තුළ, පරම්පරා තුනක වෛරය විසඳෙන මොහොත උදා වී ඇත.

(කතාව ගැන අදහස් කියාගෙන යන්න ළමයි..)

Advertisement
59
0
3

අදහස් (3)

M

Mashi

2 days ago

Wow.next epiy denkm bln inne appa..kthawa superb.kalekin kiyawapu wenasm vidiye kthwk.Good job ❤️

I

Iru

5 days ago

Aththataaa akke maraiii ane oyage imaginations.. .. aluth chapter eka enakam balagena innawaa .. super ... Niyamaiii😍

P

Puusi

5 days ago

Ammoo.........iilaga episode eka ikmanatama oonee...........super